counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


සේවකයින් 40ක් උමගක් තුළ සිරවෙයි

උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නාය යාමක් හේතුවෙන් එම උමගේ කොටසක් ඊයේ කඩා වැටී ඇති අතර බලධාරීන් පවසන්නේ ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි.

සහන සේවකයින් මේ වනවිට ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භකර ඇත.

සිල්ක්යාරා උමඟ ලෙස නම්කර ඇති උමගේ ආරම්භක ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් එම පස් කඩා වැටීම සිදුවී ඇති අතර සේවකයින් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව සඳහන් ය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x