counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


පිටිපන ටීචර්ගෙන් කප්පම් ගත් ග්‍රාමසේවක රිමාන්ඩ්

හෝමාගම පිටිපන සුවපබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකගේ දරුවන් මරා දමන බවට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කර ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිවරයා මේ 16දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්දු ලියනගේ මහතා ඊයේ (12) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ හෝමාගම, පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුවන් කුමාර නමැති ග්‍රාම නිලධාරිවරයාය.

තර්ජනය කර ඉල්ලා සිටි ලක්ෂ 20ක මුදලින් ලක්ෂ 10ක් ලබා ගන්නා අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් මෙලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදි. සැකකරු කප්පම් මුදල් අදාළ පෙර පාසල් ගුරුවරියගෙන් ඉල්ලා ඇත්තේ තමන් පාතාල සංවිධානයක නියෝජිතයකු බවට දුරකතන ඇමතුම් ලබා දෙමින් බව ද මෙහිදී අනාවරණය විය.

සැකකරු මාස දෙකක පමණ කාලයක සිට මෙලෙස දුරකතන ඇමතුම් දෙමින් ගුරුවරියට, සැමියාට සහ දරුවන්ට මරණ තර්ජන එල්ල කරමින් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදල ඉල්ලා ඇති බවත් හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව පොලිසිය විසින් පෙර පාසල් ගුරුවරියට ලබා දුන් උපදෙස් අනුව ලක්ෂ විස්සක කප්පම් මුදල රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් බවට එකඟ වී සැකකාර ග්‍රාම නිලධාරීවරයාගේ දැනුම් දීම මත අදාළ පෙර පාසල් ගුරුවරියගේ පෙර පාසැලේ දැන්වීම් පුවරුවක් අසල එම මුදල තබා යාමට එකඟ වී ඇත.

පසුව සැකකාර ග්‍රාම නිලධාරීවරයා අදාළ මුදල ලබා ගන්නවාත් සමඟම පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවත් අධිකරණය වෙත කරැණු ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය. අදාළ සැකකාර ග්‍රාම නිලධාරිවරයා පෙර පාසල් ගුරුවරිය වෙත ලබාදුන් දුරකතන ඇමතුම් කිහිපයක හඬපට ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

හෝමාගම මූලස්ථාන පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් ලක්ෂිත මහතා කරුණු වාර්තා කළ අතර සැකකාර ග්‍රාම නිලධාරී වෙනුවෙන් නීතිඥ සුමිත් පරාක්‍රම මහතා පෙනී සිටියේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x