counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


ලොතරැයියේ අංක වෙනස් කර දිනුමක් ගන්න හැදූ සෙබළා අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරයි පතක දිනුම් අංකයක් ව්‍යාජ ලෙස සකස් කර හොරණ ප්‍රදේශයේ ලොතරැයි අලෙවි සැලකට ලබාදී මුදල් ලබා ගැනීමට උත්සාහ කළ හමුදා සැරයන්වරයෙකු ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

සැකකරු තවමත් සක්‍රීය සේවයේ නියුතු පයාගල ප්‍රදේශයේ පදංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

ඊයේ දහවල් මෙම සැකකරු විසින් හොරණ නගරයේ ලොතරැයි පත් අලෙවි සැළකට ගොස් ටිකට් පතක් ලබා දී එහි ඇති රුපියල් දෙසිය ත්‍යාග මුදල සදහා නව ටිකට්පත් පහක් මිලදී ගෙන ඇත. 

පසුව සැකකරු තවත් ටිකට්පතක් ලබාදී ඇති අතර එහි රුපියල් දෙදහසක දිනුමක් තිබී ඇත.

ඒ මොහොතේ අලෙවිකරු අත එතරම් මුදලක් නොතිබීම හේතුවෙන් එම අලෙවිකරු තමාගේ ප්‍රධාන කාර්යාලය වෙත සැකකරුව යොමු කර ඇත. 

පසුව එහි ගිය අවස්ථාවේ දී ටිකට් පත පරික්ෂා කිරීමෙන් අනතුරුව ව්‍යාජ ටිකට් පතක් බව හඳුනාගත් අලෙවිකරු සැකකරුව පොලිසියට බාර දීමට කටයුතු කර ඇත.

පසුව රුපියල් දෙසීයේ ටිකට් පත ලබාදුන් අලෙවිකරුද තමාට ලබා දුන් එම ටිකට් පතද ව්‍යාජ එකක් බවට පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

තමන් කඳවුරෙන් පිටත් වන විට තමන්ට උසස් නිලධාරියෙකු විසින් ටිකට්පත් දෙකක් ලබාදී මුදල් රැගෙන එන ලෙස පැවසූ බැවින් මෙම ටිකට්පත් අලෙවිසැලට ලබාදී මුදල් ලබාගැනීමට කටයුතු කළ බව අත්අඩංගුවට ගත් සැකකරු විසින් පොලිසියට ප්‍රකාශ කර ඇති ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (13) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x