counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


පාසල් සිසුන්ගේ ලංගම සීසන් හොර මඟඩියක් මාට්ටු වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ ප්‍රාදේශිකයේ ඩිපෝ මගින් පාසල් සිසුන් හා කාර්මික විද්‍යාල සිසුන් වෙනුවෙන් ලබා දෙන වාර ප්‍රවේශපත්‍ර දහස් ගණනක් වංචනික අන්දමින් බාහිර පුද්ගලයන් වෙත ලබාදී තිබේ.

මේ අනුව වයඹ ප්‍රාදේශිකයේ ඩිපෝ 12 ම ආවරණය වන පරිදි වැටලීම් සිදුකිරීමටත් ඒ ඒ ඩිපෝවලින් වාර ප්‍රවේශපත්‍ර ලබාදී ඇති ආකාරය ගැන අභ්‍යන්තර විමර්ශනයකට ලක්කිරීමටත් ලංගම පාලනාධිකාරිය විසින් පියවරගෙන තිබේ.

සිසුන් හට ලබාදෙන වාර ප්‍රවේශපත්‍ර අනිසි ලෙස ලබාගනිමින් බොහෝ දෙනකු ලංගම බස්රථවල ගමන් කරන බවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් වෙත පැමිණිලි රැසක්ම ලැබී ඇත.

මෙම වැටලීම් හා විමර්ශන ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.

මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්ගෙන් අරුණ කළ විමසුමකදී කියා සිටියේ මෙවැනි ආකාරයේ වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

මෙවන් වංචාවලට සම්බන්ධ ඩිපෝ නිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙවන් වංචාවන් සිදුවීම ඩිපෝ ප්‍රධානීන්ගේද නොසැලකිල්ල මත සිදුව ඇති බවද සභාපතිවරයා කීවේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x