counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


විදෙස් සංචිත ඩොලර් මිලියන 3562 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් ඔක්තෝබර් මස අග වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3562 දක්වා ඉහළ ගොස් ඇත.

මෙය පසුගිය සැප්තැම්බර් මස අගදී පැවති ඇමරිකානු ඩොලර් මිලියන 3540 ක නිල සංචිත වත්කම් අගයට සාපේක්ෂව සියයට 0.6 ක සුළු වර්ධනයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 3499 ක් වේ.

ගිය වසරේ (2022) ඔක්තෝබර් මස අගදී පැවතියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1705 ක් තරම් ඉතා අඩු සංචිත වත්කම් ප්‍රමාණයකි.

මේ අගයට චීනයෙන් ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිතා කිරීමට හැකි වනුයේ කොන්දේසිවලට යටත්වය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x