counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව එක් වන අවසන් තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිව යි.

අද තරගය නවසීලන්තයේ ද අවසන් තරගය වනු ඇති.

අද පස්වරු 02ට මෙම තරගය බැන්ගලූරු හි දී ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 08න් තරග 04ක් ජයගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන තිබෙන්නේ සටහනේ සිව්වැනි තැනට ද හිමිකම් කියමින්.

නමුත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි ව ඇත්තේ 09 වැනි ස්ථානයයි.

ඒ ඔවුන් මුහුණ දුන් තරග 08න් 06ක් ම පරාජයට පත්වීම හේතුවෙන්.

එබැවින් මේ වනවිටත් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ම එළියට විසි වී සිටින ශ්‍රී ලංකාවට ලැජ්ජාවෙන් බේරීමට තවදුරටත් අවශ්‍ය වන්නේ නම්; අද තරගය කෙසේ හෝ ජයගත යුතු වනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x