මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී ඇති බව පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බව වාර්තා වේ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමි සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බවයි.
මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන බව වාර්තා වේ