counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


කරන්ට් යනවා නම් ක්ෂණිකව කියන්න

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හමුවේ සිදුවන විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් පැමිණිලි CEB Care ජංගම දුරකතන යෙදවුම හෝ 1987 ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය බිඳ වැටීම් පිළිබඳ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

එබැවින් ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් පැමිණිලි යොමු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරීභෝගිකයන්ගෙන් ඉල්ලීම් කර ඇත.

පවතින තත්ත්වයන් හමුවේ කඩිනමින් බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට පැය විසිහතර පුරාම මණ්ඩලය කටයුතු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x