counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිමෙන් ඔස්ට්‍රේලියාවට ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (07) පැවැත්වුණි.

එම තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 291ක් රැස් කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran නොදැවී ලකුණු 129ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු 143කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

අවසානයේ පිටියට පිවිසි රෂීඩ් ඛාන් වේගවත් ප්‍රහාරයක නියැලෙමින් පන්දු 18කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 35ක් රැස්කරගැනීමට සමත්විය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 292කි.

එහිදී ඔස්ට්‍රේලියාවට පන්දුවාර 46යි පන්දු 05ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 293ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 128ක් තුළ නොදැවී ලකුණු 201ක් ලබ ගත්තේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x