counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


මෘත ශරීරයටත් සල්ලි ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබූ මෘත ශරීරයක් කඩිනමින් නිදහස් කර ගැනීමට මියගිය පුද්ගලයාගේ සහෝදරයාගෙන් රුපියල් එක්ලක්ෂ 30,000ක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන පොලිසිය මෙලෙස පුංචි බොරැල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 45ක් වයසැති වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය මස 28 වනදා මරදාන පොලිස් වසමේ බී.සී.සී පාලම අසල වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේදී මොහුගේ සහෝදරයා විසින් හදුනාගැනීමෙන් අනතුරුව මෘත ශරීරය රෝහලින් කඩිනමින් නිදහස් කර ගැනීමට ඔහුගෙන් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මරදාන පොලිසියට තොරතුර ලැබී තිබුණා.

මුදල් ලබාගත් පුද්ගලයා විසින් අධිකරණ නිලධාරීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ පොලිස් නිලධාරීන්ට මුදලක් ලබාදුනනොත් මෘත ශරීරය ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුවයි ඔහු රුපියල් එක් ලක්ෂ 30,000ක මුදලක් මොහුගෙන් ලබාගෙන ඇත්තේ.

මේ අතර, නව ආරම්භයකට හොඳම තැන මුල් ළමාවිය ⁣යන තේමාව පෙරදැරි කරගෙන පෙර පාසල් ගුරු වෘත්තීකයින්ගේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය සහ සහතික ප්‍රධානෝත්සවය පසුගියදා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x