counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

2023 එක්දින ලෝක කුසලානයේ 39වැනි තරගය වන ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (07) පස්වරු 02.00ට මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

2023 එක්දින ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව මෙතෙක් තරග හතකට සහභාගි වී ඉන් තරග පහක් ජයග්‍රහණය කර ඇති අතර, ඇෆ්ගනිස්ථානය තරග හතකට සහභාගි වී ඉන් හතරක් ජය ලබා තිබෙනවා.

ඒ අනුව 2023 එක්දින ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඔස්ට්‍රේලියාව තුන්වැනි ස්ථානයේත්, ඇෆ්ගනිස්ථානය හයවැනි ස්ථානයේත් පසුවෙනවා.

බංග්ලාදේශය හමුවේ ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව පිළට ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වීමට ඊයේ සිදුවුණා.

එම තරගය බංග්ලාදේශයට ජය හිමිවූයේ කඩුළු තුනකින්.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 යි පන්දු 03 ක් අවසානයේ සියලු‍ දෙනා දැවී ලකුණු 279 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41යි එක් පන්දුවක් තුළ ජයග්‍රාහි සීමාව පසුකර ගියේ කඩුළු 7ක් දැවී තිබියදීයි.

මේ අතර ඊයේ තරගයේදී සධීර සමරවික්‍රම දැවී යාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්, පිටියට නියමිත කාලයට නොපැමිණීම හේතුවෙන් බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් පිටියේ විනිසුරුවන්ගෙන් එය දැවී යාමක් ලෙස ඉල්ලීම් කරනු ලැබුවා.

මැතිව්ස් ඊට දැඩි විරෝධයක් පළකරමින් විනිසුරුවන්ට සහ බංග්ලාදේශ ක්‍රීඩකයින්ට කරුණු පැහැදිලි කළා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x