නායයෑමක් හේතුවෙන් අවහිර වු කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග කොටස පිළිසකර කිරීමේ කටයුතු අද (06) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එම ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග කොටසට පස් කන්දක් කඩා වැටී තිබුණි.
කෙසේවෙතත් පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු ඊයේ රාත්‍රී සිදුකිරිමට බාධා එල්ල වු බැවින් එම කටයුතු අද පෙරවරුවේ සිදුකිරිමට තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධීක්ෂණය යටතේ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේය.
එමෙන්ම බත්ගොඩ ප්‍රදේශයේ අවදානම් තත්ත්වයේ පසුවන නිවාස 10ක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථානවලට යොමුකිරීමට ද පියවර ගෙන තිබේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1