ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය මේ වනවිට දිල්ලි හි පැවැත්වෙයි.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 49.3ක් අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 279ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක ලකුණු 108ක් රැස්කළේය.
පන්දු 105කදී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 6ක් සහ 6 පහර 5ක් ඇතුළත් විය.
එය ඔහුගේ දෙවැනි එක්දින ශතකය ලෙස වාර්තා පොතට එක්වෙයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1