පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධාකිරිම සම්බන්දයෙන් ඊයේ රාත්රියේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත්බවත් පහරකෑ නිළධාරීන් දෙදෙනෙකු බුලත්සිංහල රෝහලට ඇතුලත් කල බවත් බුලත්සිංහල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම ප්රදේශයේ පදිංචි 27, 24, 26,34,60 පුද්ගලයන් සහ 46 සහ 20 කාන්තාවන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
නීති විරෝධී මත්පැන් වැටලීමකට ගොස් සීටියදී පහරදීම සිදුකර ඇති බව පොලිසිය කීය.
බුලත්සිංහල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල් වරුන්වන කිහිප දෙනෙකු තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටීන බවත්
සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති බවද සදහන් වේ.
සැකකරුවන් අද දින මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ පවත්වති.