counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 08 දැවී ලකුණු 357 ක් ලබා ගත්තා.

මෙම තරගයේදී Shubman Gill පන්දු 92 කදී ලකුණු 92 ලබා ගත් අතර Virat Kohli පන්දු 94 කදී ලකුණු 88 ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ෂාන් මධුශංක කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම කඩුලු 04ත් සමග 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ වත්මන් වැඩිම කඩුලු ලාභියා වන්නට දිල්ශාන් මදුශංකට හැකි වුණා.

2011 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වංකඩේ ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන තරගයකදී අද මුණගැසෙන්නේ තීරණාත්මක මොහොතකදියී.

ඉන්දියානුවන් මෙම තරගය ජයගතහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගන්නට නම් ඔවුන්ට ඉතිරිව තිබෙන තරග තුනම ජයගෙන ශුද්ධ ලකුණු වේගය ද ඉහළ මට්ටමක රඳවා ගත යුතුයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x