වගා හානියට පත් ගොවීන් හැට පන්දහසකට වන්දි ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ, හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් බැගින් වන්දි ලබා දීමට කටයුතු කර ඇති බවයි.
නියගයෙන් සහ ගංවතුරෙන් වගා හානි වූ ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට ලබන මස අගදී ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර වීරකැටිය – අතුබොදේ යාය ප්‍රදේශයේ දී පැරෂුට් ක්‍රමයට වී වගා කිරීමේ වැඩසටහනක් වීරකැටිය ගොවිජන සේවා මාධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1