counter customizable free hit
25 C
Colombo
Sunday, November 17, 2024


රෝහිත් ශර්මා පර්සි අංකල් ගැන කියූ කතාව

තම ජීවිතයේ දැකපු පළමු අව්‍යාජ ක්‍රිකට් රසිකයා පර්සි අබේසේකර බවත් පසුගිය ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු හමුවීමට ලැබුණ බවත් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා ප්‍රකාශ කළේය.

ඉන්දු ශ්‍රී ලංකා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලංකාවේදී ඔහු මට ඔහුව හමුවීමට ලැබුණා. ඒක වාසනාවන්ත දෙයක්. ඔහු ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් රසිකයෙක්.

තමන්ගේ කණ්ඩායමට අව්‍යාජ ලෙස සහාය දක්වන මට හමුවුණ ප්‍රථම රසිකයා ඔහු. 2005දී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ලංකාවට ආපු වෙලාවේ මම ඔහුව දැක්කා.

2008 වසරේදී මම ඉන්දීය කණ්ඩායමට ආපුවාම මම ඔහුව දකිනවා.

මට ඔහුගේ පවුලේ අය, පුතා, මුණුපුරා හමුවෙන්න ලැබුණා. ඔහුගේ පවුලේ උදවිය ගොඩක් හොඳ අය.

ඔහුගේ අභාවය ක්‍රිකට් වලට ලොකු පාඩුවක්. ඒ වෙලාවේදී මම දැකපු අංක එකේ ක්‍රිකට් රසිකයා ඔහු. දැන් රසිකයෝ ගොඩක් ඉන්නවා. එහෙත් මම දැකපු පළමු ක්‍රිකට් රසිකයා ඔහු. ඇත්තටම ඒක අපි ඔක්කොටම පාඩුවක්”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x