counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


තිදෙනෙකුට මරු කැඳවූ බිම්මල් වෑංජනය

බිම්මල් ආහාරයට ගැනීමෙන් ඇති වූ සංකූලතාවක් හේතුවෙන් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජුලි මාසයේ දී වික්ටෝරියානු ප්‍රාන්තයේ ලියොන්ගාතා නගරයේ දිවා ආහාරයක් සඳහා සහභාගී වීමෙන් අනතුරු ව මිය ගිය තිදෙනා රෝගාතුර වී ඇත. 

ආහාර ලබා ගත් තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබුණු බව ද වාර්තා වේ.

ඒ අනුව දිවා ආහාරය සැකසූ කාන්තාව වන එරින් පැටර්සන් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. 

49 හැවිරිදි එරින් පැටර්සන්, තමන් නිර්දෝෂී බව තරයේ කියා සිටින අතර, වික්ටෝරියා පොලීසිය පවසා ඇත්තේ, ඇගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඇය ගේ නිවසේ සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කර ඇති බවත්ය.

දිවා ආහාරය සඳහා සිව් දෙනෙකු සහභාගි වී ඇති අතර, ඔවුන් සියලු දෙනා නෑදෑයන් බව වාර්තා වේ.

ආහාර ලබා ගැනීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම සිව් දෙනා පසුගිය ජූලි 30 වැනිදා රෝහල්ගත කර ඇති අතර, රෝහල්ගත වී දින කිහිපයකින් 70 හැවිරිදි යුවළක් සහ 66 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත. 

තවත් පුද්ගලයෙකු මාස දෙකක ප්‍රතිකාරවලින් පසු සුවය ලබා තිබේ.

සුපිරි වෙළෙඳසලකින් මිල දී ගත් හතු විශේෂයක් භාවිත කරමින් ‘බීෆ් වෙලින්ටන් පයි’ එකක් පිසූ බව එරින් පැටර්සන් පවසා තිබිණි.

“මම ආදරය කළ මේ මිනිසුන්ට රිදවීමට මට කිසිම හේතුවක් නොතිබුණු බව මට නැවත කියන්නට අවශ්‍යයි” යනුවෙන් එරින් පැටර්සන් පවසා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x