නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අද(02) නැගෙනහිර පළාතට ගොස් තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන්, ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස් රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් එල්.එල්.අනිල් විජේසිරි සහ සංචාරක කාර්යාංශයේ සභාපති මදන් විසින් ත්‍රිකුණාමලය ගුවන් තොටුපළේදී නිර්මලා සීතා රාමන්ව පිළිගනු ලැබීය.
ආණ්ඩුකාරවරයාගේ අදහස් වලට අනුව නිර්මලා සීතාරාමන් තිරුකෝනේෂ්වරම් කෝවිලේ පූජාවන් සඳහා ද සහභාගී විය.
මෙම සංචාරයේදී ඇය ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශාඛාවක්ද විවෘත කළේය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1