counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


බංග්ලාදේශයෙන් ඖෂධ තොගයක් ලංකාවට

බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතියේ දී ලැබීමට නියමිතය.  

එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක්ද ඇති බව මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති හමුවකදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ඒ අතර ඇති බවද මහකොමසාරිස්වරයා සඳහන් කර තිබේ.

මීට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානය සඳහා පියවර ගැනීම පිළිබඳව බංග්ලාදේශ රජයට ස්තූතිය පළකර ඇති සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙරට ඖෂධ හිඟයට පිළියමක් ලෙස දෙරට අතර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගුකාලීන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සාකච්ඡා කර තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x