counter customizable free hit
29 C
Colombo
Monday, November 18, 2024


පාගමනකට අධිකරණයෙන් නියෝගයක්

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අද (01) දිනයේ සංවිධානය කර ඇති විරෝධතා පාගමනකට අදාළව කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබේ.

විදුලිබල අමාත්‍යාංශය අසලට පැමිණීමට සුදානම් වන “අනීතික විදුලි බිලට එරෙහි පාගමන” ට සහභාගී වන සාමාජිකයන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර ඇතුළු ස්ථාන ගණනාවකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කර ඇත.

විරෝධතාකරුවන් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇති විය හැකි බවත් ඔවුන් රාජ්‍ය දේපළවලට, රාජ්‍ය නිලධාරින්ට හානි කළ හැකි බවත් කියමින් කොටුව, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානිධිපතිවරුන් සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය සිදුකළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ, රැස්වීමේ නිදහසේ ගමන්බිමන් යෑමේ නිදහස ආරක්‍ෂා කිරීමට අධිකරණය බැඳී ඇති බැවින් අදාළ පාගමනට එක්වන ජනතාව සාමකාමීව කටයුතු කරන ලෙස දන්වා සිටි මහෙස්ත්‍රාත්වරයා එලෙස කටයුතු නොකරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දුන්නේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x