අද (01) සිට බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළි නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනුව වැල්ලවත්ත – සැවෝයි සිනමාශාලාව අසළ සිට ගාලු පාර පිටකොටුව දක්වා පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා මෙම බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මකයි.
පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටියේ මරදාන පාර, බොරැල්ල මංසන්ධිය, පිටකොටුව – ඕල්කට් මාවත පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා කොළඹට වාහන ඇතුලුවීමට සැළසුම් කර ඇති අතර පස්වරු 07 සිට රාත්‍රි 07 දක්වා කොළඹින් පිටවීම සඳහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි.
ශ්‍රීලංගම බස් රථ, පෞද්ගලික බස් රථ, පාසල් වෑන් සහ බස් රථ, කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථ එම කාලසීමාව තුළ අදාළ මංතීරුවේ ධාවනය කළ යුතු අතර අනෙකුත් වාහනවලට එම කාලසීමාව තුළ මෙම මංතීරුව වෙත ඇතුලු වී තහනම් බවයි පවසන්නේ.