counter customizable free hit
32 C
Colombo
Monday, November 18, 2024


ළය රෝහලේ යන්ත්‍ර රැසක් අකුණුසරෙන් නවතී

වැලිසර ළය රෝහලට ඊයේ (31වැනිදා) අකුණුසර වැදීමකින් රෝහලේ විකිරණවේදී අංශයේ (extra department) අත්‍යවශ්‍ය යන්ත්‍ර ගණනාවකට දැඩි අලාභ හානි සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල්.වනිගරත්න පැවසීය.

රෝහලට අකුණුසර වැදීමෙන් රෝහලේ පරිගණක පද්ධතියද සහමුලින්ම ඇනහිට ඇති බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අකුණුසර වැදීමෙන් පසු රෝහලේ එක්ස්රේ අංශයේ යන්ත්‍රද ක්‍රියා විරහිත වීමෙන් මේ වන විට රෝහලේ රෝගීන්ට සිදුකරන ස්කෑන්(C.T) පරීක්ෂණ වලටද දැඩි බාධා එල්ල වී ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි. මේ වනවිට රෝහලේ පරිගණක පද්ධතිය යථාතත්ත්වයට ගෙන ඒමටද කටයුතු කරමින් සිටින බවද අධ්‍යක්ෂකවරයා කියයි.

වැලිසර ලය රෝහලේ එක් කොටසකට පමණක් අකුණු සන්නාම සවිකර ඇති බව පවසන අධ්‍යක්ෂකවරයා ඊයේ (30වැනිදා) රෝහලට අකුණු සර වැදීමෙන් කාර්ය මණ්ඩලයට හෝ රෝගීන්ට කිසිම බරපතළ අනතුරක් සිදු නොවූ බවද සඳහන් කර සිටියේය.

අකුණු සර වැදීමෙන් රෝහලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවද අක්‍රියවූ යන්ත්‍ර කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවද ළය රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටී.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x