බලන්ගොඩ – කතරගම ප්රධාන මාර්ගයට කල්තොට, නවනැලිය ප්රදේශයේ දී අද (31) අලුයම පස් කන්දක් කඩා වැටී, ගල් පෙරළී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම ප්රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටී තිබේ.
කෙසේවෙතත් එම මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස කල්තොට පොලීසිය දැනුම්දෙයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1