ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරය අතරතුර අතුරුදන්ව සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා පිළිබඳව සුවිශේෂී තොරතුරක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ අනුව සුජිත් යටවර බණ්ඩාර මේ වනවිට හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර සිටිය හැකි බවට සැක පළකරන බව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම්දී තිබේ.
කෙසේ වෙතත් යටවර බණ්ඩාර මහතාගේ දරුවන් විසින් ලබා දී තිබූ DNA සාම්පල් හා මෘත ශරීර අතර ගැලපීමක් ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතී.
මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ පැහැරගෙන ගොස් ඇති පුද්ගලයින් අතර සුජිත් සිටින බවට සැකපළ කරන බවය.
එසේම හමාස් සංවිධානය රතු කුරුස සංවිධානය හරහා නාම ලේඛනය ඉදිරිපත් කළහොත්, සුජිත් මහතාගේ නම එහි තිබුණහොත් ඔහුව මුදාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
2015 වසරේ ඊශ්‍රායලයේ රැකියාව සඳහා ගොස් ඇති ඒ මහතා වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දෙදරු පියෙකු වන සුජිත් යටවර බණ්ඩාර මහතා මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවිය.