වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තැබූ සුපිරි වෙළෙදසැල් 5 කට නඩු පැවරිමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.
මෙවැනි වෙලෙදසැල් පිළිබද 1977 අංකයට වහාම දැනුම් දෙන ලෙසයි එම අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
සහල් සදහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙදුන් විසින් වැඩිමිලට සහල් අලෙවි කරන බවටයි පැමිණිලි ලැබී තිබෙන්නේ ඒ අනුව දිවයින පුරා වැඩිමිලට සහල් අලෙවි කරන වෙලෙදුන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වේයන්ගොඩ හා පල්ලෙවෙල ප්ර දේශවල වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තිබූ සුපිරි වෙළෙදසැල් 5 ක් පාරිභෝගික අධිකාරිය මගින් වැටලීමට ලක්කළා.
එම වෙළෙදසැල් 5 ටම අධිකරණ ක්රියාමාර්ග ගැනීමටයි කටයුතු කළේ. සහල් සදහා මේ වන විට පාලන මිලක් නියම කර තිබෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1