ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ Mahmudullah පන්දු 70කදී ලකුණු 56ක් රැස්කරගැනීමට සමත්විය.
ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.
බංග්ලාදේශ ලකුණු පුවරුව ශක්තිමත් කළ නායක Shakib Al Hasan පන්දු 64කදී හතරේ පහර 4ක් සමග ලකුණු 43ක් රැස්කරගත්තේය.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ සිහින බොඳ කළ Shaheen Shah Afridi ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය.
අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ Mohammad Wasim කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.
Haris Rauf කඩුලු 2ක් දවාගත්තේය.
Iftikhar Ahmed සහ Usama Mir ද එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1