අද (03) සවස 3.00 ට පමණ ගලෙන්බිඳුණුවැව නගර මධ්‍යයේ පිහිටා තිබෙන වෙළදසැලක ඇති වූ ගින්නකින් ඒහි සේවකයකු බරපතල ලිස්සුම් තුවාල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
මෙලෙස ගින්නට හසුව තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 45 පමන වන දෙදරු පියෙකි
ගින්නෙන් වෙළඳසැලේ ලක්ෂ 5ක පමණ භාණ්ඩවලට හානි සිදුව තිබෙන බව ද ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.
වෙළෙදසැල තුල ඇතිවු ගින්න පිළිබඳව වෙළෙදසැල තුල සිටි පිරිස් ගලෙන්බිදුණුවැව පොලිසියට දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු පොලිස් නිළධාරින් මෙන්ම නගරයේ වෙලළද ප්රජව හා නගරයේ සිටි පිරිස එක්ව ජලය හා ගිනි නිවිමේ උපකරණ භාවිතා කර මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමිමට කටයුතු කර තිබේ.
අද (30) උදෑසන කාලයේ සිට ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබීම හේතුවෙන් ගින්න හටගත් වෙළෙදසැලට අවශ්‍ය විදුලිය සපයා ගැනීම සදහා මෙම වෙළදසැලේ තිබූ විදුලි ජනන යන්ත්‍රය ආධාරයෙන් අවශ්‍ය විදුලිය ලබාගෙන තිබෙන බවත් යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබියදීම යන්ත්‍රයට ඉන්ධන සැපයීමට යාමේදී මෙම ගින්න හටගෙන ඇති බවත් සිදුකල මුලික විමර්ශන වලින් අනාවරණය වු බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.