විශ්රාමික මේජර් ජෙනරාල්වරයෙකු ට අයත් ජිප් රථයක් මාවනැල්ල හිඟුල ප්රදේශයේදි අනතුරට ලක්වීමෙන් මාර්ගය අසල එළවළු වෙළෙඳසැලක සේවකයෙක් මරණයට පත්වී තිබේ.
අද (30) උදෑසන කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ එම ජිප් රථය කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ හිඟුල ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණි.
එය අසල තිබූ එළවළු කඩයක වැදී පසුව දුරකථන රැහැන් කණුවක ද ගැටී ඇති අතර එහිදී එම එළවළු වෙළෙඳසැලේ සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබේ.
ඔහුව මාවනැල්ල මුලික රෝහලට ඇතුළු කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
ජිප් රථයේ රියදුරු කටයුතු කර තිබූ විශ්රාමික මෙජර් ජෙනරාල්වරයා ව මාවනැල්ල දිසා අධිකරණය ට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා විය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1