නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ඔහු පැවසුවේ, නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදක්වන බවයි.
රජය විසින් දැනටමත් ඊශ්‍රායලය සහ මේ වනවිට ගැටුම් පවතින රටවල සේවයේ නිරත ශ්‍රී ලංකිකයින් යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති නමුත් එරට ශ්‍රමිකයන් මෙතෙක් එවැනි ඉල්ලීමක් කර නැති බවද හෙතෙම පැවසීය.
මැදපෙරදිග ගැටුම්වලට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1