counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


යතු­රු­පැ­දි­යෙන් ඉගි­ලුණු තරු­ණයා අඳුරේ නවතා තිබූ කන්ටේ­න­ර­යට බිලි

බොරැල්ල ගොඩගම මාර්ගයේ පනාගොඩ යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ යුද්ධ හමුදාවට අයත් බහාලුම් රථයක යතුරුපැදියක් ගැටී එහි පැදිකරු එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම හබරකඩ සමුපාකාර මාවතේ ගජබා පටුමඟේ පදිංචි ගලගම සිගාහෙට්ටිගේ දේශාන් රක්ෂිත ප්‍රේමරත්න නමැති (20) හැවිරිදි අවිවාහක තරුණයෙකි. මෙම තරුණයා ඉකුත් 27 දා රාත්‍රී පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා බත්තරමුල්ල ප්‍රදේශයට ගොස් පසුදා 28 දා පොහෝ දින අලුයම 1.50 පමණ යළි නිවස කරා යාමට බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කුලී රථයකින් පනාගොඩ හන්දියට පැමිණ එහි මිතුරෙකුගේ නිවසේ ගාල්කර තිබූ යතුරුපැදිය ගෙන ඉන් හබරකඩ දෙසට එමින් සිටියදී පනාගොඩ යුද හමුදා කදවුර ඉදිරිපිට අඳුරු ස්ථානයක නවතා තිබූ මෙම බහාලුම් රථයේ පිටුපස යතුරුපැදිය ගැටී අනතුර සිදුව තිබූ බව පැවසේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය කියයි .

අනතුරින් යතුරු පැදියට බරපතළ හානි සිදුව තිබුණි. ඉන් පසුව සිද්ධිය වූ ස්ථානයට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය (28) දා හෝමාගම මූලික රෝහලේදී සිදු කොට එහි වාර්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.

අනතුර සිදු වූ බහාලුම් රථය පනාගොඩ යුද හමුදා කදවුර වෙත භාණ්ඩ තොගයක් රැගෙන විත් තිබූ අතර රාත්‍රී කාලයේ කඳවුරට ඇතුලු වීමට අවසර නොමැති නිසා අළුයම වන තෙක් කඳවුරේ ගේට්ටුව ඉදිරිපිට නවතා තිබියදී මෙම අනතුර සිදුව තිබූ බවත් එසේ නවතා තබන්නේ නම් විදුලි පහන් දැල්වෙන ආලෝකය සහිත ස්ථානයක නවතා වාහනයේ දෙපස සංඥා ලාම්පු දල්වා තැබිය යුතු වුවත් අනතුර වන අවස්ථාවේදී ඒ මාර්ග නීති කිසිවක් පිළිපැදීමක් නොවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පැවසේ.

ඒ අනුව අනතුරට සම්බන්ධ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රත්මලාන අත්තිඩිය ස්වාධීන ප්‍රවාහන බලගනයට අයත් බහාලුම් රථය හා එහි රියැදුරු ලෙස සේවය කළ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x