counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බව හෙළිවෙයි

ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පවසනවා.

ගාල්ල මිනාරා හෝටලයේ පැවති මානව හා පාරිසරික සම්පත් කළමනාකරණය පිළිබඳ සංවර්ධන ආයතනය ශ්‍රි ලංකා මාලදිවයින් කැනඩා මහ කොමසාරිස් කාරයාලිය දේශිය මුල පිරීම් සඳහාවු අරමුදල සමග ඒක්ව ඩී හරම් (DEIHERM)ආයතනය ක්‍රියාත්මක කරනු ලබන අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවන වැඩ මුළුවට සහභාගී වෙමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කොට සිටියා.

වෙරළ තිරය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කිරිම සඳහා ගෙන ඇති වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත්කිරිම සඳහා පැවති මෙම වැඩමුළුවට ගාල්ලේ පාසල් 24ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගී වූ බවයි වාර්තා වෙන්නේ.

අද වනවිට පොලිතින් ප්ලාස්ටික් එදිනෙදා ජන ජිවිතයේ නැතුවම බැරි මෙවලමක් බවට පත්ව ඇති අතර මේවායේ මයික්‍රෝ ප්ලාස්ටික් නිසා ලෙඩ රෝග බහුලව හැදෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x