counter customizable free hit
24 C
Colombo
Monday, November 18, 2024


මංගල සාදයේ දී මස් කරිය විෂ වී තරු­ණිය මරුට

පුත්තලම නගරයෙ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට එක්වි සිටි තරුණියක හදිසියේ රෝගී වී පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මරණටය පත්ව ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචි සිටි විසි හැවිරිදි එච්. එම්. අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියකි. මරණයට පත් තරුණිය මහඋස්වැව රතනපාල ජාතික පාසලේ ආදි ශීෂ්‍යාවක වන අතර නර්තනයට දක්ෂතා දැක්වු පාසල් සිසුවියක බව කියයි.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතුවලින් පසු විවිධ සමාජ කටයුතුවලට දායක වී සිට ඇත. තරුණිය පුත්තලම නගරයට ආසන්නයෙ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්ව තිබු බවත් එහිදි කිසියම් මස් වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මිකතාවට පත්ව ඇති බවත් කියයි. එසේ ආසාත්මිකතාවට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වි පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබු බවත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බවත් රෝහල පවසයි. තරුණීයගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දුන් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කුලෙන්ද්‍ර ප්‍රේමදාස මහතා මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයෙ රස පරීක්ෂක වෙත යොමු කිරීමටත් කටයුතු කර තිබිණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x