සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියකගේ මල්වර උත්සවය විශාල මුදලක් වැය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයක පවත්වා ඇති බවට වූ පුවතක් මෙරට ජාතික පුවත් පතක් අද (30) දිනයේ වාර්තාකර තිබෙනවා.
අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා කවුරුන් ද යන්න සෘජු සඳහනක් අදාළ පුවත්පත මඟින් වාර්තාකර නොතිබූ අතර, ඔහු මේවනවිට ප්රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින බවද සඳහන් කර තිබුණේ.
පසුගිය 23 වනදා අති උත්කර්ශවත් අයුරුන් පවත්වා ඇති මෙම උත්සවයට 150 – 200ට ආසන්න ආරාධිතයන් පිරිසක් සහභාගී වී ඇති බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එම උත්සව අවසනායේ එදින ම රාත්රියේ කොම්පඤ්ඤවීදියහෝටලක් සහිත ප්රධාන පෙළේ නිවාස සංකීණයක කාමරයක් තුළ තවත් පිරිසක් වෙත නැවතත් සාදයක් පවත්වා ඇති බව ද වාර්තාවන බව සඳහන්.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා මෙම උත්සවය අවස්ථාවට දුරකථනය ඔස්සේ සජීවීව සම්බන්ධ වී ඇති බවට ද එම පුවත්පත තොරතුරු වාර්තා කරනවා