counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


රට යළි ගොඩ ගන්න ජනපතිගෙන් සැමට ආරාධනා

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලුදෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් (27) පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක් වෙමිනි.

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ අතර කොළඹ රාජකීය විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවත් රාජකීයයන් සෑමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ බවත් කියා සිටියේය.මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පාදනය කරන ලද කෘතියේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විදුහල්පති තිලක් වත්තුහේවා මහතා විසින් සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x