counter customizable free hit
24 C
Colombo
Monday, November 18, 2024


මේ වසරේ අපේක්ෂිත රේගු බදු ආදායම රු. බිලියන 925ක්

2023 වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් මස අවසානය දක්වා රු. බිලියන 925ක බදු ආදායම් රැස් කිරීමට අපේක්ෂා කරන බවත්, ජනවාරියේ සිට මේ දක්වා රුපියල් බිලියන 742ක ආදායමක් උපයා ඇති බවත් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා කීවේය.

ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

“2017 සිට 2023 දක්වා රු. බිලියන 742ක් අපි එකතු කරලා තිබෙනවා. ආදායම් රැස්කිරීමේ ප්‍රතිශතය අනුව බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 925ක ආදායමක් එකතු කරගන්න“ යැයිද හෙතෙම කියා සිටියේය. බදු ආදායම එකතු කිරීම සඳහා රජයෙන් ලැබුණු ඉලක්කය සපුරාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව කියා සිටි ඒ මහතා ඉලක්කය සහ අප උපයාගත් ආදායම අතර තිබෙන වෙනස නිසා බොහෝ විවේචන එල්ල වූ බවත් කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් නිර්දේශ 05ක් ඉදිරිපත් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x