හැටන් කොටගල දුම්රියපොල මාර්ගයේ පිහිටි බේකරියකට (27) දින රාත්‍රියේ කඩා වැදුණු මැර පිරිසක් එම බේකරියේ සේවය කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුට සහ බේකරියට අයත් ලොරි රථ දෙකකට පහර දි දැඩි අලාභ හානි සිදු කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලු සහ මුගුරු රැගෙන බේකරියට පැමිණි බවත්, ඉන් අනතුරුව සේවය කරමින් සිටි සේවකයින්ට පහර දි තුවාල සිදු කර බේකරිය ඉදිරිපිට ගාල් කර තිබු ලොරි රථ දෙකකට පහර දි දැඩි අලාභ හානි සිදු කර එම පිරිස පලා ගිය බවයි පහර දිම සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන පොලිසිය කියා සිටියේ.
එම බේකරියේ අයිතිකරුවන රනට් ඩි සිල්වා මහතා (28) දින පොහෝ දිනයක් නිමිත්තෙන් බේකරි නිෂ්පාදන කටයුතු ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් සිදු කල නිසා සේවකයින් දෙදෙනෙකු පමණක් බේකරිය තුල රැදි සිටි බවයි.
මෙම පහරදිමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත්, ව්‍යාපාර කටයුතු වලට බාධා කිරිමේ අරමුණින් මෙම පහර දිම සිදු කරන්නට ඇති බවයි බේකරි හිමිකරු කියා සිටින්නේ.
පහරදිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට දිඹුල පතන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.