counter customizable free hit
24 C
Colombo
Monday, November 18, 2024


පිටකොටුවේ රෙදිපිළි අලෙවිසැලේ ගින්නට හේතුව

පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක ඊයේ(27) පෙරවරුවේ හටගත් ගින්නට හේතුව අනාවරණ කරගැනීමට පොලිසියට හැකි වී තිබේ.

ඊයේ උදෑසන වෙළෙඳසල විවෘතකර දුම් ඇල්ලීමේ දී ඩීසල් බහාලුමක් ගිනිගෙන එය විදුලි ජනන යන්ත්‍රය දක්වා ව්‍යාප්ත වීමෙන් ගින්න හටගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

රෙදිපිළි අලෙවිසලක් මෙලෙස ගිනිගැනීමට ලක් ව තිබූ අතර, වෙළෙඳසල විවෘත කර මඳ වේලාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වුණි..

පසු ව කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න පාලනය සඳහා පියවර ගෙන තිබිණි.

ඒ, ගිනි නිවීමේ රථ 11ක් සහ නිලධාරීන් 45 දෙනෙකුගේ සහාය ඇතිවයි.

ගින්න ඇති වීමත් සමඟ ගොඩනැගිල්ල තුළ සිර වූ සේවකයන් ඇතුළු පිරිස් මුදාගැනීමට ද පියවර ගෙන තිබිණි.

පිළිස්සුම් තුවාල සහ ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයන් 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් අලෙවියට තබා තිබූ සාරි ඇතුළු රෙදිපිළිවලට සහ ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදු ව තිබුණු බව වාර්තා වේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x