counter customizable free hit
24 C
Colombo
Monday, November 18, 2024


දකුණු අප්‍රිකාව පෙරමුණ ගනී

පාකිස්තානයට එරෙහිව පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

මේ ජය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව (10) සමත් වූ අතර, 6 වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය 7 වැනි ස්ථානය දක්වා පහතට වැටිණි.

චෙන්නායිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 46.4කදී ලකුණු 270ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 47.2කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9ක් දැවී තිබියදීය.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්තානය පරාජය කළේ වසර 24කට පසුව වීම ද විශේෂත්වයක් විය. මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරු වූ ක්වින්ටන් ඩි කොක්ට ඊයේ සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දීමට නොහැකි වූ අතර, ඔහු පළමු කඩුල්ල ලෙස ලකුණු 24කට දැවී ගියේය. ලකුණු 67කට කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසු අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ඒඩ්න් මාක්‍රම් පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන ගියේ ගියේ ලකුණු 91ක් රැස් කරමිනි. පන්දු 93කට මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබිණි.

වැන් ඩර් ඩුසේන් (21) සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 54ක් සහ ඩේවිඩ් මිලර් (29) සමඟින් 5 වැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් ගොඩනැඟීමට මාක්‍රම් සමත් විය. පන්දු යැවීමේදී ශහීන් අෆ්රිඩි කඩුලු 3ක් දවාගත් අතර, මොහොමඩ් වසීම්, උස්මා මීර් සහ හාරිස් රවුෆ් කඩුලු 2ක බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානයට සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, ලකුණු 38ක් වෙද්දී ආරම්භ පිතිකරු යුගල යළි ක්‍රීඩාගාරයට ගොස් තිබිණි. නායක බාබර් අසාම් ලකුණු 50ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කිරීමට උත්සාහ කළ ද ඔහු 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 141ක් විය.

අනතුරුව පිටියේ එක් වූ සවුද් ශාකීල් සහ ශදාබ් ඛාන් ලකුණු 84ක සබඳතාවක් පිහිටු වීමෙන් පාකිස්තානයට ලකුණු 270 සීමාවට පිවිසීමට හැකි විය. ශදාබ් ලකුණු 43කට දැවී ගිය අතර, සවුද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 52ක් රැස් කරමිනි. පන්දු යැවීමේදී ටබ්‍රයිස් ශම්සි කඩුලු 4ක්, මාර්කෝ ජනේසන් කඩුලු 3ක් සහ ගැරල්ඩ් කොට්සී කඩුලු 2ක් දවා ගත්හ.

පාකිස්තානය – 270 (ඕවර 46.5) සවුද් ශාකීල් 52, බාබර් අසාම් 50, ශදාබ් ඛාන් 43 (ටබ්‍රයිස් ශම්සි 60/4, මාර්කෝ ජනේසන් 43/3, ගැරල්ඩ් කොට්සී 42/2)

දකුණු අප්‍රිකාව – 271/9 (ඕවර 47.2) ඒඩ්න් මාක්‍රම් 91, ඩේවිඩ් මිලර් 29 (ශහීන් අෆ්රිඩි 45/3, මොහොමඩ් වසීම් 50/2, හාරිස් රවුෆ් 62/2, උස්මා මීර් 45/2)

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x