counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


පැතුම් නිස්සංක වාර්තා අතරට

2017 වසරට පසු වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක ඊයේ (26) සමත්විය.

ඒ, එංගලන්තය සමග පැවති තරගයේදී නොදැවී රැස්කරගත් ලකුණු 77ත් සමගය.

අවසන් වරට වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ උපුල් තරංගය.

උපුල් තරංග එම දස්කම දැක්වූයේ 2017 වසරේදීය.

එමෙන්ම 2023 වසරේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමටද පැතුම් නිස්සංකට හැකිවුණි.

එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල් ය.

මේ අතර එක්දින ලෝක කුසලානයකදී අඛණ්ඩව වැඩිම අර්ධ ශතක රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ වාර්තාව සම කිරීමටද පැතුම් නිස්සංක ඊයේ සමත්වුණි.

පැතුම් මෙවර ලෝක කුසලානයේදී මේ දක්වා අඛණ්ඩව අර්ධ ශතක 4ක් රැස්කරගෙන සිටින අතර 2015 එක්දින  ලෝක කුසලානයේදී සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද අඛණ්ඩව අර්ධ ශතක 4ක් රැස්කළේය.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම මේ දක්වා තරග 5කට සහභාගිවී ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකාව පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේය.

ඒ අනුව සෑම කණ්ඩායමකටම තවත් තරග 4 බැගින් ඉතිරිව තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x