හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දුන් පරිදිම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලටද උපදෙස් දුන් බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පෙරේදා (25) පැවැසූවා.
සෞඛ්‍ය ඇමැතිවරයාගේ අඩුපාඩු සම්බන්ධයෙන් දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අද ඔහුට තනතුරු අහිමි වී ඇති බවද උන්වහන්සේ සඳහන් කළා.
තමා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමට ඔහු පියවර ගත්තේ කුමන අදහසකින්ද යන්න අවබෝධයක් නොමැති බවත් ඔහු යම් අයුරකින් ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කළේ නම්මෙ ලෙස ඉවත් වන්න සිදු නොවන බවත් උන්වහන්සේ සඳහන් කළා.
රජය මඟින් වයස අවුරුදු 60න් පසු හෙද සේවය අවශ්‍ය නොවන බවට නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධව අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවද ඒ හිමියෝ සඳහන් කළා.
සෞඛ්‍ය ක්ෂේත්රයේ අත්‍යවශ්‍ය සේවාවක් වන හෙද සේවාව අනිකුත් සේවාවන් පරිදි එකවර බඳවා ගැනීම් සිදු කළ නොහැකි බවත් ඒ සඳහා යම් කිසි කාලයක් වැයවෙන බවත් උන්වහන්සේ පැවැසූවා.
මේ පිළිබඳව විෂය භාර ඇමැතිවරයාව දැනුවත් කර තිබුණු නමුත් ඔහුගෙන් ඒ සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බවත් අද එම තීන්දුව ලැබී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.