counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය පළමු වරට විදෙස් රටක

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ නොපවත්වා එය ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩක වෙන්දේසියක් විදෙස් රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම්වල තවදුරටත් රඳවාගෙන සිටින සහ කණ්ඩායම්වලින් නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට නොවැම්බර් මස 15 දක්වා කල් ලබාදී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x