counter customizable free hit
23 C
Colombo
Monday, November 18, 2024


ඉන්දීය ජාතිකයින් අට දෙනෙක්ට මරණ දණ්ඩනය

ඉන්දියානු ජාතිකයින් අට දෙනෙක්ට කටාර් රාජ්‍යයේ අධිකරණයක් විසින් මරණ දණ්ඩනය ලබාදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම අට දෙනා හිටපු නාවික නිලධාරීන් බව සඳහන් ය.

ඔවුන්ට එරෙහිව එල්ලකළ චෝදනා සම්බන්ධයෙන් හෙළිකර නොමැත.

නමුත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කටාරයේ පුද්ගලික සමාගමක සේවය කරමින් සිටි එම පුද්ගලයින්ව ඔත්තු බැලූ බවට සැකපිට පසුගිය වසරේදී අත්අඩංගුවට ගැනුණු බවයි. 

කටාර් බලධාරීන් හෝ ඉන්දීය බලධාරීන් එම පුද්ගලයින්ට එරෙහිව එල්ලකර තිබූ විශේෂිත චෝදනා මොනවාද යන්න හෙළිකර නොමැත.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය රජය පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් වික්ෂිප්ත වූ බවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැන කටාර් බලධාරීන් සමග සාකච්ඡා කරන බවත් ය.

විස්තරාත්මක නඩු තීන්දුව තමන් වෙත ලැබෙන තෙක් සිටින බව පැවසූ ඉන්දීය බලධාරීන්, ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව පවසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x