දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමග සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටිනවා
ඒ අනුව ආර්ථික ප්රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ .
ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත වන එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමග සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමග පවතින ඒකාබද්ධ වැඩසටහන් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
එසේම ශ්‍රි ලංකාව භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) සහ පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) ඇති කර ගැනීමට ද කටයුතු කරනු ඇති
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි