counter customizable free hit
30 C
Colombo
Tuesday, November 19, 2024


පාසල් බස් සහ වෑන් රථවලට නීති දැඩි වෙයි

පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ගනු ලබන අබලන් තත්ත්වයේ බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපි සමීක්ෂණයක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ සොයා බලද්දී මෙතුමාලත් එකක් අපි වාහන පරීක්ෂා කළා. අපි බැලුවොත් එහෙම මගී ප්‍රවාහන බස් රථයක්, මගී ප්‍රවාහනයෙන් ඉවත් කරාට පස්සේ ගන්නවා ඒක පාසල් සේවය කියලා. වෑන් රථයක් ගත්තත් එච්චරයි. බොහෝම දුර්වල නඩත්තුවක් තියෙන්නේ, එක සම්බන්ධයෙනුත් දැඩි පියවර ගන්න ඕනේ. අපි මෝටර්රථ පරීක්ෂකතුමන්ලත් එක්ක අපි තිබ්බා සමීක්ෂණයක්. ඒ තියලා අපි ඒ සම්බන්ධව තහනම් නියෝග කොටසකට ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් ලොකුම දෙයක් තමයි මේ කරන්නේ. මොකද හේතුව මේ වටිනා ජීවිත තමයි නැතිවෙන්නේ. එක්කෝ ආබාධිත තත්ත්වයට පත් වෙන්නේ.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x