counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


කාසියේ වාසිය එංගලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 25වන තරගය අද (26) පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ බැංගලෝර්හි එම්.චින්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි.

කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණඩායමේ නායක ජොස් බට්ලර් සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ වන විට ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අට සහ නවය යන ස්ථානවල පසුවීම හේතුවෙන්, අද (26) පැවැත්වෙන මෙම තරගය දෙපිළටම වැදගත් තරගයක් වනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා සංචිතය තුළ තවත් එක් වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි මතීෂ පතිරණ ආබාධයකට මුහුණපෑම හේතුවෙන් ඔහු වෙනුවට ජ්‍යේෂ්ඨ සහ පළපුරුදු ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් නම් කිරීම යි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x