counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


කෘෂි හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසකට නව සැලසුම්

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමිනි.

ඉංජිනේරුවකු ලෙස රට වෙනුවෙන් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “විශ්වලිංගම්” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉංජිනේරු කේ. එල්. එස් සහබන්දු මහතා වෙත පිරිනැමීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති තිලක් ද සිල්වා මහතා විසින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන ලද “Hand book for Electricians” කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණික නවෝත්පාදන සහ කෘෂි නවීකරණය සමඟ ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා ගෙනයාමට සක්‍රීයව එක් වන ලෙස තමා ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

තරගකාරිත්වය, ඩිජිටල් පරිවර්තනය සහ හරිත ආර්ථිකය යන ක්ෂේත්‍රය තුළ අද ඉංජිනේරුවන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් එම අංශ සංවර්ධනය කිරීමෙන් රටට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදාකර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙරට විවිධ ක්ෂේත්‍රවල ඉහළ තරගකාරීත්වක් ඇති කිරීමට ඉංජිනේරුවන්ගේ නිපුණතාවන් ඉවහල් කර ගත හැකි බවත්, රටේ ආර්ථිකයට එය ඵලදායී ලෙස දායකකර ගැනීමට ඉදිරි දශකයේ සැලසුම් සහගතව කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මහවැලි කලාපයේ සහ වතුකරයේ මෙතෙක් භාවිතයට නොගත් ඉඩම් අක්කර ලක්ෂ 7ත් -10ත් අතර ප්‍රමාණයක් පවතින බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී එම ඉඩම් භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන කෘෂිකර්ම පර්යේෂණ ආයතන සියල්ල ඒකාබද්ධ කර කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීම අරමුණ බවත් එය කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉවහල් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x