counter customizable free hit
30 C
Colombo
Tuesday, November 19, 2024


අවුරුදු 25ට වැඩි 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය

ආඝාතය වැළඳුනු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා ආඝාත සංගමය පවසනවා.

එහි සභාපති වෛද්‍ය හර්ෂ ගුණසේකර සඳහන් කළේ, සෑම අවුරුදු 25 වැඩි 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම මෙම රෝගය වැළදීමේ අවදානමක් පවතින බවයි.

ඔහු මේ බව කියා සිටියේ, ලබන 29 වන දිනට යෙදී තිබෙන ආඝාත දිනයට සමගාමීව ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මුහුණේ එක පැත්තක් ඇද වීම, වචන පැටලීම ආදිය ආඝාතයේ රෝග ලක්ෂණ වනවා.

මෙම රෝග තත්වය එක් වරක් වැළදුනොත් ඉන් සියයට 25 කට යලි වැලදීමේ අවදානමක්ද පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

අඝාතය හේතුවෙන් ලොව මිලියන 6 යි දශම 5කට අධික සංඛ්‍යාවක් මිය යන අතර ඉන් සියයට 51ක්ම පිරිමි පුද්ගලයන්.

ශ්‍රී ලංකාව තුල ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයෙන් පෙලෙන බව සඳහන්.

ශ්‍රී ලංකාව පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල සුව දිවි සායන 800කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර ඒ තුලින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීමේ හැකියාවද පවතිනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x