counter customizable free hit
32 C
Colombo
Tuesday, November 19, 2024


ගුරුවරු හෙට විරෝධයක

ගුරුවරුන්ට පෙරේදා (24 වැනිදා) එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළකරමින් පාසල් කාල වේලාවෙන් පසු පාසල් ඉදිරිපිට හෙට (27 වැනිදා) විරෝධතා පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං ‘අරුණ’ට පැවසීය.

ගුරු විදුහල්පතිරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් වෙන් නොකළොත් කවර මර්දනකාරී තත්ත්වයක් පැවතිය ද ඉදිරියේ දී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීවේය. එදින ආණ්ඩුව පහර දුන්නේ විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතියට යැයි ද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x