counter customizable free hit
27.4 C
Colombo
Tuesday, November 19, 2024


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස 04ක් වයසැති දරුවා මියයයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෞඛ්‍ය ගැටලු රාශියකින් පීඩා විඳිමින් සිටි මෙම දරුවා ජීවිතක්ෂයට පත්වන විට මාස හතරක්.

ඔහු පිරිමි දරුවෙක් වූ අතර සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුහුණ දී සිටි මෙම දරුවා රෝග විනිශ්චය අවබෝධ කර ගැනීම සඳහා මෙල්බර්න් හි රාජකීය ළමා රෝහලට ඇතුළත් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

ඔක්තෝබර් 23 වන දින ෆවාඩ් අහමඩ් තම පුතුගේ මරණය පිළිබඳ හද කම්පා කරවන පුවත නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව මෙම ශෝක ජනක පුවත සැළවීමත් සමඟ  ෆවාඩ් අහමඩ් සහ ඔහුගේ පවුලේ අයට ගෞරව දැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ඊයේ (25) දිනයේ නෙදර්ලන්තයට එරෙහිව පැවැත් වූ තරගයේදී කළු පටි පැළඳ සිටින ආකාරයද දක්නට ලැබුණා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x